"මුදලිදු එස් තෝමස් ද සිල්වා සමරු දේශනය" සහ ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය 2026
විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ අනුබද්ධ ශාඛාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ,ආදී කතෘ මුදලිදු එස් තෝමස් ද සිල්වා සමරු දේශනය සහ 2024 අපොස උසස් පෙළ මත සරසවි සුදුසුකම් ලැබූ දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය පසුගිය 26 වැනිදා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
මෙවර සමරු දේශනය විද්‍යාලීය කීර්තිමත් ආදි ශිෂ්‍ය ,මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය මහාචාර්ය ශාන්තා මාදුවගේ එගොඩගේ මැතිනිය විසින් පවත්වන ලදි. 2024 අපොස උසස් පෙළ ප්‍රතිඵල මත,සරසවි වරම් ලැබූ ආර්ථික අවශ්‍යතා ඇති දරුවන් 30 දෙනකුට ආසන්නන ප්‍රමාණයකට මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානයද සිදු කෙරුණි.මෙය වාර්ෂිකව විද්‍යාලීය කොළඹ සංගමය සංගමය මගින් පවත්වනු ලබන වැඩසටහනකි.
මීට අමතරව විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ කට්ටල කිහිපයක්ද සෞන්දර්ය ඒකකයට අවශ්‍ය සංගීත භාණ්ඩ ඇතුළු උපකරණ කිහිපයක් ද ඔවුන් විසින් පාසලට පරිත්‍යාග කරන ලදී.











